දේශීය

කෝප් කමිටුව අද සිට යළි රැස්වේ

(UTV |කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ කටයුතු අද සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පවසන්නේ කොරෝනා සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුව ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් රැස්වීම් පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බවයි.

කෝවිඞ් 19 අර්බුදය හේතුවෙන් කෝප් කමිටුවේ කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබූණි.

අද කෝප් කමිටුව හමුවට කැඳවීමට නියමිතව ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරිය, මහාමාර්ග අමාත්‍යාංශයේ සහ අදාළ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ නිලධාරීන් පිරිසක්. මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති, මහාමාර්ග අමාත්‍යාංශයේ ගණකාධිකාරී, අදාළ ව්‍යාපෘති ඒකකයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් 07 දෙනෙක් පමණක් අද පාර්ලිමේන්තුවට කැඳවා ඇති අතර, මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයනය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ සිදුකර ඇති විශේෂ විගණන වාර්තාව මෙහිදී අධ්‍යයනයට ලක් කරයි.

මේ අතර, 2021 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අදයි.

Related posts

උතුරු නැගෙනහිර මන්ත්‍රීවරුන් පිරිසක් විරෝධතාවයක

Mohamed Dilsad

හිටපු ජනපති මෛත්‍රී ජනපති කොමිසමට

Mohamed Dilsad

බෝගම්බර බන්ධනාගාරයෙන් පලාගිය රැඳවියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment