දේශීය

ලාංකිකයන්ට ස්වයං නිරෝධායනයෙන් තොරව එක්සත් රාජධානියට ඇතුළුවීමට අවසර

(UTV | කොළඹ) – අද (21) දිනයේ සිට මෙරටින් පිටව යන ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුට ස්වයං නිරෝධායනයට ලක්වීමකින් තොරව එක්සත් රාජධානියට ඇතුළු වීමේ අවස්ථාව හිමිව තිබේ.

ඒ අනුව එරට වේලාවෙන් අද අලුයම 4 සිට ශ්‍රී ලාංකිකයින්ට ස්වයං නිරෝධායට ලක්වීමකින් තොරව එරටට ඇතුළු වීමේ අවස්ථාව පවතිනු ඇත..

එක්සත් රාජධානිය විසින් ස්වයං නිරෝධායනයෙන් තොරව සිය රටට ඇතුළු විය හැකි රාජ්‍යයන් ඇතුළත් ලැයිස්තුවට ශ්‍රී ලංකාව ද එක්කිරීම හේතුවෙන් මෙම අවස්ථාව හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට අමතරව එක්සත් රාජධානිය විසින් ඊශ්‍රායලය සහ උරුගුවේ යන රටවල් ද එංගලන්ත ආරක්ෂිත සංචාරක ලැයිස්තුවට ඇතුළත් කර තිබෙන අතර , නැබීබියාව, රුවන්ඩාව, බොනයා ශාන්ත යුස්ටේටියස් සහ සාබා, උතුරු මරියානා, මෙන්ම එක්සත් ජනපද වර්ජින් දූපත්වලට සංචාරකයින්ට අද දිනයේ සිට එංගලන්තයට පැමිණිමේදී නිරෝධායන ක්‍රියාවලියකට ලක්වීමට අවශ්‍ය නොවනු ඇති බව වාර්තා වේ.

 

Related posts

අකිල මහ ලේකම් ධුරයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

රටවල් 03 ක සිටි ලාංකිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුදා සේවයෙන් විශ්‍රාම යයි

Editor O

Leave a Comment