ව්‍යාපාරික

නොරෝච්චෝලෙන් යලි විදුලිය

(UTV | පුත්තලම) – නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා තිබු නොරෝච්චෝල ලක් විජය බලාගාරයෙන් නැවත ජාතික පද්ධතියට විදුලිය ලබා දිම ඊයේ (20) රාත්‍රියේ සිට ආරම්භ වූ බව විදුලිබල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය.

දෙවන අදියරේ තඩත්තු කටයුතු හේතුවෙන් එසේ නවතා තිබු නඩත්තු කටයුතු අවසන් විමත් සමග ඊයේ රාත්‍රියේ සිට නැවත ජාතික පද්ධතියට මෙගාවෝට් 300 ක් යලි ලබාදීමට කටයුතු කළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඒ සමගම මේ වනවිට නඩත්තු කටයුතු වෙනුවෙන් නවතා ඇති 3 වැනි අදියරේ ජනන යන්ත්‍රයේ නඩත්තු එළඹෙන සතියේ අවසන් වීමට නියමිතව ඇත.

මේ අනුව නොරෝච්චෝල ලක්විජය බලාගාරයෙන් ජාතික පද්ධතියට මෙගාවොට් 600 ක් ලබාදීම ආරම්භව තිබේ.

පවතින කොරෝනා තත්ත්වය හමුවේ දැඩි සෞඛ්‍ය නීතිරීති අනුව ලක්විජය බලාගාරයට කාර්ය මණ්ඩලය පමණක් ඇතුල් කිරීමට ආයතන ප්‍රධානීන් කටයුතු කර ඇත.

 

Related posts

කොටස් වෙළෙඳපොළෙහි දැවැන්ත වර්ධනයක්

Mohamed Dilsad

සක්‍රීයව ඇති ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

Mohamed Dilsad

ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම ප්‍රමාණවත් නෑ

Editor O

Leave a Comment