දේශීය

කොළඹට කොරෝනා ව්‍යාප්තවීමේ මූලාශ්‍රය සොයා ගනී

(UTV | කොළඹ) – කොළඹ දිස්ත්‍රික්කයේ කොරෝනා වෛරසය දැඩි ලෙස ව්‍යාප්ත වීමට අදාළ හේතුව මේ වන විට අනාවරණය කරගෙන තිබේ.

උතුරු කොළඹ ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණ මෙන්ම ඒ අවට වාසය කරන ජනතාව භාවිත කරන පොදු වැසිකිලි, පොදු නාන ස්ථාන සහ පොදුවේ භාවිතා කරන ජලනළ මාර්ගයෙන් කොරෝනා වෛරසය ඉතාමත් ඉක්මනින් ව්‍යාප්ත වන බවයි මේ වන විට සෞඛ්‍ය බලධාරීන් අනාවරණය කරගෙන ඇත්තේ.

ඊයේ (20) දිනය තුළ ද කොළඹ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 160 ක් වාර්තා වූ බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

 

Related posts

රෝග ලක්ෂණ සඟවා ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරන්න එපා

Mohamed Dilsad

නිරෝධායනය වෙමින් සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

‘පෝලිම්වල ඉන්න එපා’ – ලිට්‍රෝ කියයි

Mohamed Dilsad

Leave a Comment