දේශීය

Budget 2021 : අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි

(UTV | කොළඹ) – 2021 අයවැය දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම පාර්ලිමේන්තුවේදී අද (21) පස්වරුවේ පැවැත් විය.

එයට පක්ෂව ඡන්ද 151 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 52ක්.

ඒ අනුව අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්ද 99කින් පාර්ලිමේන්තුවේදී අද (21) සම්මත වුණා.

ඒ අනුව, මෙවර අයවැයේ තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාව ලබන සඳුදා සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර, ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වනදා පස්වරු 5 ට සිදුකෙරෙනු ඇත.

 

Related posts

පලිගැනීම්වලට ලක්වූවන් ගැන සෙවීමට ත්‍රිපුද්ගල ජනපති කොමිසමක්

Mohamed Dilsad

එංගලන්තයෙන් නීතිවිරෝධීව ගෙන්වූ අපද්‍රව්‍ය ප්‍රතිඅපනයනය කිරීමට පියවර

Mohamed Dilsad

දුම්රිය ගමන්වාර 34ක කාලසටහන වෙනස් වෙයි

Mohamed Dilsad

Leave a Comment