විදෙස්

විෂබීජ නාශක දියර පානය කිරීමෙන් රුසියාවේ 7 ක් මරුට

(UTV | රුසියාව) – කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා භාවිතා කරන විෂබීජ නාශක දියර වර්ගයක් පානය කිරීමෙන් 7 දෙනෙකු මියගොස් අසාධ්‍ය තත්ත්වයේ පසුවන තවත් දෙදෙනකු රෝහල් ගත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

රුසියාවේ ටැටින්ස්කි දිස්ත්‍රික්කයේ ටොම්ටර් ගම්මානයේ පැවති සාදයකදී ගෙනවිත් තිබූ මත්පැන් අවසන් වීමෙන් පසු ඒ වෙනුවට සනීපාරක්ෂක දියර පානය කර ඇතැයි පොලිසිය පවසයි.

එම සනීපාරක්ෂක දියර වර්ගය නිෂ්පාදනයේදී මෙතනෝල් 69 % ක් යොදාගෙන ඇති බවද පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළවී තිබේ.

 

 

Related posts

ඉන්දීය පාර්ලිමේන්තුව වෙනත් ගොඩනැගිල්ලකට

Mohamed Dilsad

තම ණය ගෙවන්න සොසේජස් විකුණන චීන මිලියනපතියා

Mohamed Dilsad

ඇමරිකාවේ අධික ශීතල හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 ක් අවලංගුයි…

Mohamed Dilsad

Leave a Comment