දේශීය

මුඛ ආවරණ පැළඳ නොසිටි පිරිසක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – මුඛ ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පසුගිය දින 25 තුළදී පොලීසිය විසින් පුද්ගලයන් 527 දෙනකු අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

නිරෝධායනය සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ රෙගුලාසි ගැසට් කර සති දෙකකට පසුව, එනම් ඔක්තෝබර් මස 30 වැනිදා සිට මුඛ ආවරණ පැළඳ නොසිටින සහ සමාජ දුරස්ථ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම පොලීසිය විසින් ආරම්භ කරනු ලැබුවේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්⁣ 527 දෙනා අතරින් 62 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය පැය 24 තුළදී බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සත්ව ආහාර සඳහා වී භාවිත කරන අයට එරෙහිව වැටලීම්

Mohamed Dilsad

ජාතික ආරක්ෂාව ගැන, විපක්ෂ නායක පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරයි.

Editor O

වියදම් වාර්තා ඉදිරිපත් නොකළ පාර්ලිමේන්තු මැතිවරණයේ අපේක්ෂකයන්ගේ නාම ලේඛන නීතිමය පියවර ගැනීම සඳහා පොලීසියට බාර දීමට සූදානම් – මැතිවරණ කොමිෂන් සභාව

Editor O

Leave a Comment