දේශීය

වන ජීවී නිලධාරීන් හෙට විරෝධතාවයක

(UTV |කොළඹ) –  හෙට (27) දිවයින පුරා වනජීවී නිලධාරින් එක් දින සංකේත වැඩ වර්ජනයක නිරත වන බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඒ වනජීවී රාජ්‍යය අමාත්‍යය විමලවීර දිසානායකගේ ක්‍රියා කලාපයට එරෙහිවය.

වනජීවී නිලධාරීන්ට තර්ජනය කරමින් පොළොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරිමට ඉඩ ලබාදෙන ලෙසට වනජීවී නිලධාරින්ට රාජ්‍ය අමාත්‍යවරයා විසින් බලපැම් කර තර්ජනය කළා යැයි වන ජීවී නිලධාරීන් චෝදන කරයි.
රාජ්‍ය අමාත්‍යවරයා විසින් වන සත්ව සහ වෘක්ෂ ලතා අඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙසට වනජීවී නිලධාරින්ට බලපෑම් කිරීමට විරුද්ධව එක් දින සංකේත වෘත්තීය ක්‍රියා මාර්ගයකට අවතීර්ණ වන බව එම සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක අදහස් දක්වමින් කියා සිටියේය.

Related posts

විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දින වෙන් කිරීම අලුත් විදියට.

Editor O

අද සිට අබුඩාබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යළි විවෘතයි

Mohamed Dilsad

ගෙල සිරකර කාන්තාවක්ව ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment