ව්‍යාපාරික

නිවාස ණය පොලිය අඩු කෙරේ

(UTV |කොළඹ) – දේපොළ ඇපයට තබා ලබාගන්නා නිවාස ණය සඳහා සියයට 7ක උපරිම පොලියක් පමණක් අයකරන ලෙස ශ්‍රී ලංකා මහා බැංකුව සියලුම වාණිජ බැංකුවලට උපදෙස් ලබාදීමට තීරණය කරයි.

මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (25) රැස් වූ අවස්ථාවේ දී මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි.

ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික සාමාන්‍ය ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තිකයක් සහිත පොලී අනුපාතිකයක් අය කළ යුතුය.

මේ සඳහා අවශ්‍ය උපදෙස් කඩිනමින් වාණිජ බැංකු වෙත නිකුත් කිරීමට මහ බැංකුව බලාපොරොත්තු වේ.

මීට අමතරව දැනට ක්‍රියාත්මක ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් පවත්වාගෙන යෑමටද ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කර ඇත.

Related posts

කොට්ටාව – පිටකොටුව දක්වා පරිසර හිතකාමී ප්‍රවාහන සේවයක්

Mohamed Dilsad

රන් මිලේ වෙනසක්

Mohamed Dilsad

මිරිදිය කරදඩු ඉස්සන් වගාව දියුණු කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment