දේශීය

පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න වැඩ ආරම්භ කරයි

(UTV |කොළඹ) – මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස සී.ඩී. වික්‍රමරත්න පොලිස් මූලස්තානයේදී වැඩ ආරම්භ කළේය.

පාස්කු ප්‍රහාරය එල්ල වීමෙන් අනතුරුව වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා මේ දක්වා වසර දෙකකට ආසන්න කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.

ඔහු 1986 වසරේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු වශයෙන් සේවයට එක්වී ඇති අතර, වසර 34ක සේවා කාලයක් මේ වන විට සපුරා ඇත.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් මොහු උපාධි හිමිකරගෙන ඇත.

Related posts

රජයේ සායන රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් අද සිට නිවසටම

Mohamed Dilsad

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාව සහ චීනය අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

සිනමා හා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයන්වලට සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්

Mohamed Dilsad

Leave a Comment