(UTV |දකුණු කොරියාව) – අන්තර්ජාලය හරහා පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ලිංගික ජාවාරමක මහමොළකරුට වසර 40ක සිර දඬුවමක් ලබා දෙයි.
ඒ දකුණු කොරියාවේ අධිකරණයක් මගීනි.
තරුණියන් මෙන්ම බාල වයස්කාරියන්ද බිය වද්දා ඔවුන්ගෙන් ලබා ගන්නා නිරුවත් විඩියෝ දර්ශන සහ ලිංගික ක්‍රියා ඇතුළත් දර්ශන අන්තර්ජාල වෙබ් අඩවි ඔස්සේ අලෙවි කිරීමෙන් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.
මෙහි මහමොළකරු ලෙස සැලකුණේ චෝ ජු-බින් නැමැත්තෙකි. දහස් ගණනක ග්රාහකයන් පිරිසක් මෙම වෙබ් අඩවිවල සාමාජිකත්වය ගෙන සිටි බවත්, ඇතැමුන් මේවායේ ග්‍රාහකත්වය ලබාගැනීම සඳහා ඇමරිකානු ඩොලර් 1,200 ක (ලංකා රුපියල් 220,000ක) පමණ මුදලක් ගෙවා ඇති බවත් සඳහන් වේ.
මෙම වෙබ් අඩවි පවත්වාගෙන යන ජාවාරම්කරුවන් මුලින්ම මෙම තරුණියන් සම්බන්ධ කරගන්නේ නිරූපන ශිල්පිනියන් වැනි රැකියාවන් ලබාදෙන බව පොරොන්දු වෙමිනි. මෙහි දී ඔවුන්ගෙන් ලබාගන්නා අති පෞද්ගලික තොරතුරු භාවිත කරමින් ඔවුන් බිය වද්දා ඔවුන්ගේ නිරුවත් දර්ශන ලබා ගන්නා බව මාධ්‍ය සඳහන් කරයි. අන්තර්ජාල වෙබ් අඩවි හරහා අලෙවි කරන්නේ මෙවැනි දර්ශනය.
තරුණියන් 75කට ආසන්න සංඛ්‍යාවක් මේ ආකාරයෙන් මෙම ජාවාරම සඳහා යොදාගෙන ඇති අතර ඇතැමුන් පාසල් සිසුවියන් බවද සඳහන් වේ. මෙම ජාවාරමේ මහමොළකරු වන චෝ ජූ-බින් 24 හැවිරිදි තරුණයෙකි. ‘මා විසින් වේදනාවට පත් කරන ලද සියලු දෙනාගෙන් මා සමාව ඉල්ලනවා’ යයි ඔහු අත්අඩංගුවට ගත් අවස්ථාවේ පවසා තිබිණි.
මෙම අන්තර්ජාල ජාවාරම කාලයක් තිස්සේ එරට ජනතාවට මහත් පීඩාවක් බවට පත්ව තිබූ අතර එය නතර කිරීමට පියවර ගන්නා මෙන් ජනතාවගෙන් විශාල පීඩනයක් බලධාරීන් වෙත එල්ල වෙමින් තිබිණි.