දේශීය

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක දිවයිනට

(UTV |කොළඹ) – ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ඇතුළු එරට රජයේ දූත පිරිසක් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සාගර ආරක්ෂාව පිළිබඳව 4 වන මට්ටමේ උපදේශක රැස්වීමකට සහභාගී වීම සදහා අද (27) මෙරටට පැමිණ තිබේ.

ඉන්දීය රජයේ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා සමග එරට ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 05 දෙනෙකු එසේ පැමිණ ඇත.

සාගර ආරක්ෂාව පිළිබඳ එම සමුළුව මෙම නොවැම්බර් මස 27 දින  සිට 28 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Related posts

මෙරට PCR පරීක්ෂණ 87,000 ඉක්මවයි

Mohamed Dilsad

කුඩු සහ අවි තොගයක් සමඟ ‘රවිහංසි’ ඉන්දියාවේදී අත්අඩංගුවට [PHOTOS]

Mohamed Dilsad

ඉමියුනෝග්ලොබියුලීන් සිද්ධිය ගැන තවත් පාර්ශ්වයකින් චෝදනා

Mohamed Dilsad

Leave a Comment