දේශීය

සාමාන්‍ය පෙළ විභාගය ගැන ඇමති අද පාර්ලිමේන්තුවේදී කියු කතාව

(UTV |කොළඹ) – ඉදිරියේදී රටේ සියලු පාසල් විවෘත කිරීමට නොහැකි වුවහොත් අපොස සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට සිදුවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (28) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමිනි.

මේ වන විට සාමාන්‍ය පෙළ විභාගයට දින නියම කර තිබෙන බවත් ඒ 2021 ජනවාරි මාසේ 18 වනදා සිට 27 වනදා දක්වා බවත් අමාත්‍ය වරයා පැවසීය.

තව සතියක් දෙකක් තුළ අපිට පාසල් විවෘත කිරීමේ අසීරුතාවයක් තිබෙනවා නම් අකමැත්තෙන් හෝ අපිට තීරණයක් ගන්න වෙනවා විභාගය කල්දැමීමට යයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

“ඒ ගැන තාම අවසන් තීරණයක් අරන් නෑ. සතියක් තුළ තීරණයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම සෞඛ්‍ය විශේෂඥයින් උපදෙස් දීලා තියෙනවා පාසල් ආරම්භ කළත් ඉතා ඉක්මණින් ක්‍රීඩා කටයුතු ආරම්භ කරන්න එපා කියලා. ඒකට පැහැදිළි හේතුව සමාජ දුරස්ථභාවය ක්‍රියාත්මක කිරීමට නොහැකිවීම,” යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්  මහතා සඳහන් කළේය.

Related posts

හිටපු ජනාධිපති රනිල්, මන් මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි.

Editor O

රුපියල අද දිනයේදී කැපී පෙනෙන ලෙස වර්ධනයක් පෙන්නුම් කරයි

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment