දේශීයප්‍රමුඛ පුවත 1

මහර බන්ධනාගාරයේ ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවීමේ රථ කැඳවයි

(UTV |ගම්පහ) – මහර බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමඟ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ 06ක් කැඳවා තිබේ.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ රැඳවියන් 05 දෙනෙකු රාගම රෝහලට ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.

මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොවිඩ් 19 ආසාදනයවීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දරා ඇත.

ඒ අද පස්වරු 5.30ත පමණය.

එහිදී මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේය.

නොසන්සුන් තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින්ද එම ස්ථානයට කැඳවා තිබේ.

මේවන විටත් බන්ධනාගාරය තුළින් විටින් විට වෙඩි ශබ්ද ඇසෙන වාර්තා වේ.

මේ අතර තත්වය සමතයකට පත් කිරීම සඳහා පොලිස් කණ්ඩායම් 5 ක් සහ විශේෂ කමිටුවක් පත්කර ඇති බව පොලිසිය පවසයි.

Related posts

ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

Mohamed Dilsad

සියළු පෙරහැර කටයුතු ඔක්තෝබර් මසට පෙර අවසන් කරන්න තීරණයක්

Mohamed Dilsad

Leave a Comment