දේශීය

බුරවී ත්‍රිකුණාමලයට කිලෝමීටර් 200ක් ඈතින්

(UTV |ත්‍රිකුණාමලය) – “බුරවි”  සුළි කුණාටුව අද (02) උදෑසන 8.30 වන විට ත්‍රිකුණාමලයට කි.මී 200 නැගෙනහිර ට බරව ගිනිකොණ දෙසින් ස්ථානගතව පවතීන බව කාලගුණ අංශය පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එය ත්‍රිකුණාමලය හා පේදුරු තුඩුව අතරින් මුලතිව්වලට ආසන්නව ශ්‍රී ලංකාවේ ඊසානදිග වෙරළෙන් දිවයිනට අද රාත්‍රී 7.00 – 10.00 ත් අතර ළඟා වේ යැයි බලාපොරොත්තු වේ.

සුළි කුණාටුව සමග සුළඟේ වේගය පැ.කි.මී 80 -90 පමණ වන අතර විටින් විට පැ.කි.මී 100 දක්වා වැඩි වී, ක්‍රමයෙන් බටහිර දෙසට ගමන් කර මන්නාරම් බොක්ක වෙත හෙට (03) උදෑසන වන විට පැමිණෙනු ඇතැයි කාලගුණ අංශය පවසයි.

උතුරු සහ වයඹ පළාත්වල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී 150ට වැඩි තද වැසි ඇති විය හැක.

නැගෙනහිර, උතුරු මැද, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වෙන අතර ඇතැම් ස්ථානවල මි.මී 100ක පමණ තද වැසි ඇති වේ.

උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට පැ.කි.මී 60 -70 පමණ දක්වා වන තද ප්‍රහාරාත්මක සුළං ඇති විය හැකිය.

සෙසු ප්‍රදේශවල විටින් විට පැ.කි.මී 40 -50 පමණ දක්වා වන සුළං ඇති වේ.

ජනතාවට දැඩි අවදානයෙන් පසුවෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Related posts

මැතිවරණයට එරෙහිව ගොනුකළ පෙත්සම් 7ක් කැදවීමට දින දෙයි

Mohamed Dilsad

දළදා පෙරහර බලන්න ආ දරුවා පැහැරගත් සැකකරු අල්ලයි

Mohamed Dilsad

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ජනපති කොමිසම හමුවට

Mohamed Dilsad

Leave a Comment