දේශීය

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියදී ඇල්ලූ සියල්ලන්ට සඳුදාට පෙර නඩු පවරන්නැයි දන්වයි

(UTV | කොළඹ) – ජාවාරම් සඳහා නොව පුද්ගලික භාවිතය සඳහා මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටියදී අත්අඩංගුවට පත් සියලු සැකකරුවන්ට එරෙහිව ලබන සඳුදාට පෙර නඩු පවරා අවසන් කරන ලෙස පොලිස් මූලස්ථානය විසින් දැනුම්දී ඇත.

මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ පොලිස් කොට්ඨාශ 44 ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් –පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ සහභාගීත්වයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පැවති සාකච්ඡාවකදීයි.

බන්ධනාගාර තදබදය අවම කිරීමට නීතිපතිවරයා විසින් දුන් උපදෙස් අනුව මෙම පියවර ගන්නා ලෙසට එහිදී දැනුම් දී ඇත.

 

Related posts

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

Editor O

ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකා විසින් ලබා දුන් සහයෝගය ආරක්‍ෂක ලේකම්වරයාගේ පැසසුමට [වීඩියෝ]

Mohamed Dilsad

අනුරකුමාර ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment