දේශීය

ලක්‍ෂ 80ක මත්ද්‍රව්‍ය මධ්‍යම තැපැල් හුවමාරුවේ

(UTV |කොළඹ) – විදෙස් රටවල සිට මෙරටට එවන ලද රුපියල් ලක්ෂ 80 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු භාරයට ගැනේ.

කුෂ් සහ කොකේන් මත්ද්‍රව්‍ය පාර්සල් 4 ක තිබී සොයාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය  එංගලන්තය, අමෙරිකාව සහ නෙදර්ලන්තය යන රටවලින් එවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධිකාරී සුනිල් ජයරත්න මහතා පවසයි.

කොළඹ, නාවල, වාද්දුව සහ අහංගම යන ප්‍රදේශවල ලිපිනයන් 4 කට අදාළ මත්ද්‍රව්‍ය, එවා තිබූ අතර එම පාර්සල් තුළ තිබී කුෂ් ග්‍රෑම් 500 ක් සහ කොකේන් ග්‍රෑම් 80 ක් සොයා ගැනුණි.

මෙම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව සුනිල් ජයරත්න මහතා සඳහන් කළේය.

 

Related posts

රිශාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ඉල්ලීම ප්‍රතික්ෂේපයි

Mohamed Dilsad

නොසැලකිල්ල තිදෙනෙකුට දිවි අහිමි කරයි

Mohamed Dilsad

ජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-

Editor O

Leave a Comment