කලා

ආශා ඩි වොස් මේ වසරේ සාගර වීරවරිය වෙයි

(UTV |කොළඹ) – මෙරට ප්‍රධාන සාගර විද්‍යාඥවරියක් වන ආශා ඩි වොස් 2020 වසරේ සාගර වීරවරිය (Sea Hero)ලෙස නම් කර තිබේ.

ඒ ලොව ප්‍රකට සාගර සංරක්ෂණ හා සාගර සම්පත් සුරැකුම් පිළිබඳ කතාබහ කෙරෙන ස්කුබා ඩයිවින්ග්ස් (Scuba Diving)සඟරාව විසිනි.

ශ්‍රී ලංකා මුහුදු තීරයේ සිටින නිල් තල්මසුන් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් ආශා ඩි වොස් මහත්මිය ඉටු කල සේවය පදනම් කරගෙනයි ඇය මෙම නම් කිරීමට ලක්වී ඇත.

සාගර පර්යේෂණ වෙනුවෙන් ඇයට ඩොලර් 5000 ක ත්‍යාගයක් හිමිවන අතර සාගර ජීව විද්‍යාව හදාරන ලාංකික සිසුන් කිහිප දෙනෙකුට පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිදුකිරීම සඳහා එම මුදල යෙදවීමට නියමිතය.

Related posts

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

ලොව විශිෂ්ඨතම තබ්ලා හඬක් නිහඬ වෙයි.

Editor O

2017 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදේශීය චිත්‍රපටය

Mohamed Dilsad

1 comment

Fernando December 2, 2020 at 11:46 pm

මෙයාට මොනවා කරාට දෙනවාද.. අර පානදුර මිනිස්සු ටික නෑතම් 🐟 මැරිලා … ඔකතමා කියනේ වෙන අයගේ හම ගිහිල්ලා මුන්ගේ නම යනවා කියලා …

Reply

Leave a Comment