ව්‍යාපාරික

ආනයනය නතර කිරීමෙන් ජපාන වාහන ආනයනකරුවන් දැඩි අර්බුධයක

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තියත් සමඟ වාහන ආනයනය නතර කිරීමට රජය ගත් තීරණයත් සමඟ ජපානයේ වාහන අපනයනකරුවන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල මහතා කියා සිටියේය.

කොළඹ මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ සිය සංගමයේ එරට සිටින සාමාජිකයින් මෙරටට ආනයනය කිරීමට සූදානම් කර ඇති වාහන එරට වරායන් තුළ ගාල් කර ඇති බවයි.

මේ හේතුවෙන් ඔවුන් ගැටළු රැසකට මුහුණ දී ඇති අතර, පසුගිය මාර්තු මාසයට පෙර මෙරටට ආනයනය කිරිමට ඇනවුම් කර තිබූ වාහන පමණක් ගෙන්වීමට කටයුතු කරන ලෙස ද ජපානයේ වාහනකරුවන්ගේ සංගමයේ සභාපති නිශාන්ත මීගල්ල එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

 

 

 

Related posts

සංචාරක බද්ධ ගෙවීමට ලබා දුන් සහන කාලය දීර්ඝ කෙරේ

Mohamed Dilsad

මෙරට රැකියා නොමැති පිරිසගේ අනුපාතය ඉහළට

Mohamed Dilsad

මත්තල ගුවන් තොටුපලේ භාණ්ඩ මෙහෙයුම් කටයුතු අඛණ්ඩව

Mohamed Dilsad

Leave a Comment