දේශීය

අදත් ප්‍රදේශ කීපයකට ගිගුරුම් වැසි සමග තද සුළං

(UTV | උතුර) – මන්නාරම බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවතී ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතවම පවතින අතර එය මන්නාරමට කිලෝමීටර් 145 ක් බටහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එය තවදුරටත් දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වන අතර එමගින් දිවයිනට වන බලපෑම ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව අදාළ නිවේදනයේ සඳහන්.

මේ හේතුවෙන් උතුරු වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

මීට අමතරව , උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40-50 දක්වා වන සුළං ඇතිවිය හැකි බවද එහි සඳහන්.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන වැසි ඇතිවිය හැක.

ඌව පළාතේ සහ අම්පාර, මඩලකපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල පස්වරු 2 න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

 

Related posts

මැල්වත්තේ මංජුගේ ගෝලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට සිකුරාදා වතුර නෑ

Mohamed Dilsad

ජනාධිපතිගෙන් විශේෂ කමිටු දෙකක්

Mohamed Dilsad

Leave a Comment