විදෙස්

සඳ මත සිය ජාතික ධජය පිහිටවූ දෙවන රට බවට චීනය පත්වෙවෙයි

(UTV | චීනය) – චීනය විසින් චන්ද්‍රයා මතුපිටට යවන ලද චැන්ග් ඊ 5 යානය විසින් මෙලෙස ජාතික කොඩිය සඳ මත ස්ථාපිත කර තිබෙන අතර , එය මේ වනවිට සඳ මතුපිටින් එක් රැස් කරගත් පාෂාණ සහ දූවිලිද සමගින් නැවතත් පෘථිවිය බලා ගමන් කරමිනුයි පවතින්නේ.   

මීට පෙර අවස්ථා 02 කදී චීනය සිය ජාතික ධජය සඳ මතුපිට පිහිටුවීමට උත්සාහ කලද එය සාර්ථක වූයේ නැත.

මීට වසර 50 කට පෙර අමෙරිකාව විසින් එම ඉලක්කය පළමු වරට ජය ගැනීමෙන් පසු එම අභියෝගය සාර්ථව ජයගත් දෙවන රට වන්නේ චීනයයි.

අමෙරිකාව විසින් සිය ජාතික ධජය චන්ද්‍රයා මත පිහිටුවන ලද්දේ 1969 වසරේ දී ඇපලෝ 11 මෙහෙයුම මගිනුයි.

 

Related posts

තෙරේස මේ සිය ධුරයෙන් ඉවත්වන දිනය හෙළි කරයි.

Mohamed Dilsad

ජපානයේ ශුරි මාලිගාවේ ගින්නක්

Mohamed Dilsad

දීවාලි වලට පෙර දිල්ලි නුවර වායු දුෂණය ඉහළට

Mohamed Dilsad

Leave a Comment