දේශීය

ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව නව පාසල් සඳහා ඉල්ලුම් කිරීමේ අවසන් දිනය

(UTV | කොළඹ) – 2020 වර්ෂයේ පවත්වන ලද 5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු ඉක්මවමින් සුදුසුකම් ලැබූ සිසුන්ට 2021 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා නව පාසල් ලබාදීමට අදාළව අයදුම්පත් කැඳවා ඇත.

සියලු අයදුම්පත් සහ උපදෙස් පත්‍රිකා අදාළ පාසලේ විදුහල්පති මගින් ලබාගැනීමට දෙමව්පියන්ට අවස්ථාව සලසා ඇති අතර 2020-12-10 දිනට ප්‍රථම නිවැරදි ව සම්පූර්ණ කරන ලද අයදුම්පත්, දරුවන් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි පාසලේ විදුහල්පතිවරයා වෙත භාරදිය යුතුය.

වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා ඇති සියලු ප්‍රදේශවල දරුවන්ගේ අයදුම්පත් පාසල් වෙත ගෙන්වාගැනීමට නිර්දේශිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස මේ වනවිටත් අදාළ කලාප අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කර තිබේ.

 

Related posts

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කරයි

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

ලාෆ් ගෑස් වල නව මිල මෙන්න

Mohamed Dilsad

Leave a Comment