විදෙස්

ඉන්දියාවේ හඳුනා නොගත් රෝගයකින් 140 ක් රෝහලේ

(UTV | ඉන්දියාව) – ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පැතිර යන හඳුනා නොගත් රෝගයක් සම්බන්ධයෙන් එරට සෞඛ්‍ය අංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

සති අන්තයේදී පුද්ගලයන් 140 ක් පමණ මෙම රෝගය හමුවේ රෝහල්ගත කර ඇති අතර , වලිප්පුව සහ සිහි විසඥ වීම යන රෝග ලක්ෂණ ඔවුන්ට බලපා ඇති බව වාර්තා වෙයි.

මෙම සියලු දෙනා PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ ඔවුන්ට කොවිඩ් වෛරසය වැළඳී නොමැති බවයි.

මෙම රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව වායු දූෂණයක් හෝ ජල දූෂණයක් විය හැකි බවට ද අනාවැකි පළවී තිබේ.

 

 

Related posts

කඩා වැටුණු ගොඩනැගිල්ලේ සිරවී සිටි දරුවෙකු බේරා ගැනේ

Mohamed Dilsad

උතුරු කොරියානු නායකයාගේ සහෝදරිය ඔලිම්පික් උළලේ සමාරම්භක උත්සවයට

Mohamed Dilsad

වගා ළිඳක සිරවී සිටින දරුවාගේ ප්‍රතිචාර නවතී

Mohamed Dilsad

Leave a Comment