දේශීය

PCR පරීක්‍ෂණ කිරීමට පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ හා පුහුණු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පවසන්නේ මේ වනවිටත් ඒ සඳහා රජයේ රෝහල් 05කට සහ පෞද්ගලික රෝහල් 05කට අනුමැතිය හිමිව ඇති බවය.

මහනුවර පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා මේ බව පැවසීය.

දැනට PCR පරීක්ෂණ 13,000ත් 14,000ත් අතර සිදු කරන අතර ඉදිරියේදී එම ගණන 20,000 සීමාවට වැඩි කිරීමට සැලසුම් කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් වෙනුවෙන් සාමාන්‍ය රෝහල්වලට අමතරව තවත් රෝහල් කිහිපයක් PCR පරික්ෂණ සඳහා අනුමත කර ඇති බවත් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේය.

එසේම පෞද්ගලික රෝහල් 5කුත් PCR පරීක්ෂණ සඳහා යොමුකිරීමට අනුමැතිය ලැබිලා තිබේ. ඒ අනුව දිනකට PCR පරික්ෂණ 20,000ක් ලංකාවේ රෝහල් මගින් සිදුකරන්නට හැකියාව ලැබෙයි.” යනුවෙන් ද විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.

Related posts

හමාස් සංවිධානයේ දේශපාලන නායක ඉෂ්මයිල් ඝාතනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙළා දකී.

Editor O

රථවාහන පරීක්ෂා කිරීමේ කටයුතු ඉදිරියටත් අඛණ්ඩව

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment