ගොසිප්

පොලිස්පතිවරයාත් නිරෝධායනයට

(UTV |කොළඹ) – පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු කාර්යමණ්ඩලය පෙරේදා (07 වැනිදා) සිට ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.

ඒ පොලිස්පතිවරයාගේ කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වීමත් සමගය.

මේ හේතුව නිසා පොලිස්පතිවරයා ඊයේ (08 වැනිදා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති ජාතික ආරක්ෂක කවුන්සිලයටද සහභාගි නොවූ බව ඉහළ පෙළේ ආරංචිමාර්ග තහවුරු කරයි.

පොලිස්පතිවරයාගේ රියැදුරුට කොවිඩ් වැලඳීමත් සමග පෙරේදා (07 වැනිදා) සිට පොලිස්පතිවරයා ඇතුළු පොලිස් මූලස්ථානයේ තුන් වැනි මහලේ වූ පොලිස්පති කාර්යාලයේ නිලධාරීන් ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

මූලස්ථානයේ අනෙකුත් අංශවල නිලධාරීන්ට පොලිස්පති කාර්යාලයට යාමද පෙරේදා (07 වැනිදා) සිටම සීමා කර තිබුණි.

මේ සමග පොලිස් මූලස්ථානය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කර දුරස්ථ ලෙස සේවය කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

Related posts

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

Mohamed Dilsad

නව ක්‍රීඩා ඇමති පිය පදවියට[PHOTOS]

Mohamed Dilsad

ඉරාජ් අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment