දේශීය

මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් දුන් අධිකරණ තීන්දුව

(UTV |ගම්පහ) මහර රැඳවියන් 11 දෙනාගේ අවසන් කටයුතු නොකරන ලෙස වත්තල මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කළේය.

ඒ විද්වත් කමිටුවේ වාර්තාව ලැබෙනතුරුය.

මෙම මෘත දේහවලට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් සමාජයට වන අහිතකර බලපෑම් මඟහරවා ගැනීමට මෘතදේහ ආදාහනය කළ යුතු බවට පවසමින් නීතිපති දෙපාර්තමේන්තුව කරුණු දැක්වූ එම අවස්ථාවේදි මහර බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මිය ගිය 11 දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස ඒ සම්බන්ධව පත් කළ පංච පුද්ගල කමිටුවට වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (09) නියෝග කළේය.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න ඊයේ සහ අද (09) අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සිද්ධියෙන් මිය ගිය රැඳවියන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ රජයේ ජ්‍යෙෂ්ඨ අධිකරණ වෛද්‍යවරුන් තිදෙනෙකුගෙන් හා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගිනි අවි පිළිබඳ විශේෂඥවරයෙකුගෙන් සමන්විත බහුවිධ විද්වත් මණ්ඩලයක් මගින් සිදුකිරීමට අවසර දෙන ලෙසය.

මේ වන විට මෘත ශරීර 04ක් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා තිබුණද යළි විශේෂඥ මණ්ඩලය මගින් මුල සිට පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළ යුතු බවට නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

එම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා රහස්‍ය වාර්තා ලෙස ඉදිරිපත් කරන්නැයි නියෝග කරන ලෙසත් ඇය අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මියගිය රැඳවියන්ට කොවිඩ් ආසාදනය වී ඇති බැවින් දේහයන් රාගම රෝහලේ සිට අයි.ඩී.එච්. රෝහල වෙත ප්‍රවාහනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නැගී ඇති බවද මෙහිදී රජයේ අධිනීතිඥවරිය අධිකරණයට දැනුම් දීමක් කළාය.

බන්ධනාගාරයේ ගොඩනැගිලි රැසකට කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බැවින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම දේපළ හානිය සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ වාර්තාව ලබාගැනීම සදහා හෙට සිට ස්ථානීය පරීක්ෂණ සිදුකිරීමට අවසර දෙන ලෙසද රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

Related posts

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව

Mohamed Dilsad

අද දවසේ කාලගුණය

Mohamed Dilsad

නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට අයදුම්පත් කැඳවයි

Mohamed Dilsad

Leave a Comment