දේශීය

දිගන ආශ්‍රිතව හටගත් සුළු භූ චලනවලට හේතුව මිනිස් ක්‍රියාකාරකම් නොවේ

(UTV| මහනුවර) – මහනුවර දිගන ආශ්‍රිතව හටගත් සුළු භූ චලන මිනිස් ක්‍රියාකාරකම් නිසා සිදුවන ඒවා නොවන බව දැනට සිදුකර ඇති අධ්‍යයනයන්ට අනුව අනාවරණ වී ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ ඝර්භ විද්‍යා අංශයේ ප්‍රධානී මහාචාර්යය ජගත් ගුණතිලක මහතා ප්‍රකාශ කළේය.   

ඔහු මේ බව සදහන් කළේ මහනුවර දිගන ආශ්‍රිතව වාර්තාවන භූ චලන සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මහනුවරදී පැවති විශේෂ සාකච්ඡාවකදීයි.

මෙම සුළු භූ කම්පන තත්වයන් ස්වාභාවික හේතූන් පදනම් කරගනිමින් සිදුවන ඒවා බවට දැනට සිදුකර ඇති පර්යේෂණ අනුව පෙනී ගොස් ඇති බව ද මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කළේය.

එමෙන්ම වික්ටෝරියා වේල්ල සියයට සියයක් ආරක්ෂිත තත්ත්වයේ පවතින බව ද ඊයේ පැවති සාකච්ඡාවේදී අනාවරණ වී ඇත.

එම සාකච්ඡාවට එක්වූ වික්ටෝරියා ජලාශයේ ප්‍රධාන වේලි හා ජලාශ මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ආර්.ඒ. අරුප්පොල කියා සිටියේ සමාජයේ ඇතැම් ප්‍රචාර දියත් වුවද වික්ටෝරියා වේල්ල කිසිදු අවදානම් තත්ත්වයක නොපවතින බවයි.

එමෙන්ම සෑම විටම වේල්ල පරීක්ෂාව සඳහා කටයුතු කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

Related posts

හිටපු යුධ හමුදාපතිවරු තිදෙනෙකු ඇතුළු පිරිසකට බ්‍රිතාන්‍ය සම්බාධක පනවා ඇතැයි කියන සිදුවීම දන්නේ නැහැ – ආරක්ෂක නියෝජ්‍ය ඇමති අරුණ ජයසේකර

Editor O

පොහොසත් රටේ ලස්සන ජීවිතය උදාවෙයි. ආනයනය කරන වාහන සඳහා බදු ප්‍රමාණය සියයට 300 සිට 500 දක්වා වැඩි විය හැකියි.

Editor O

අද පාර්ලිමේන්තුවේ කටයුතු

Mohamed Dilsad

Leave a Comment