ක්‍රීඩා

LPL අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ කණ්ඩායම් මෙන්න

(UTV | හම්බන්තොට) – (LPL) ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා කණ්ඩායම් 4ක් සුදුසුකම් ලබා තිබේ.

ඒ දඹුල්ල වයිකින්ග්, කලම්බු කිංග්ස්, ජැෆ්නා ස්ටැලියන්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් යන කණ්ඩායම්ය.

ඊයේ (10) පැවැති තරගයේදී කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම කඩුලු 9කින් පරාජයට පත් කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

ඒත් සමග ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම දළ ලකුණු ලබා ගැනීමේ වේගයට අනුව ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානය හිමිකර ගනිමින් අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කරගත්තේය.

මීට අමතරව, ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා ටෙස්ට් තරඟාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට දෙරටෙහි ක්‍රිකට් බලධාරීන් එකඟත්වය පළකර ඇත.

එම තරඟාවලිය තරඟ දෙකකින් සමන්විත වන අතර තරඟ සෙන්චුරියන් සහ ජොහැන්නස්බර්ග් ක්‍රීඩාංගන වල පැවැත්වේ.

පළමු තරඟය දෙසැම්බර් 26 වැනිදා පැවැත්වේ.

 

Related posts

ජයග්‍රහණයෙන් පසු කුලේටයි සනත්ටයි කණ්ඩායමෙන් ලැබුණු දේ [VIDEO]

Mohamed Dilsad

එංගලන්ත නායකත්වයට ජෝ රූට් පත් කෙරේ

Mohamed Dilsad

මෙවර සර්ෆින් ජාතික ශුරතාවලිය හෙට සහ අනිද්දා

Mohamed Dilsad

Leave a Comment