දේශීය

පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයෙන් ඉවත් වෙයි

(UTV |කොළඹ) – ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද (12) සිය ධුරයෙන් මෙන්ම පාඨලී චම්පික රණවක ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වෙයි.

පාඨලී චම්පික රණවක මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

ඔහුත් සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස දේශපාලනයේ නිරත වු තවත් කිහිපදෙනෙකු ද එම පක්ෂයෙන් ඉවත්ව තිබේ.

ඒ අද ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුවේ දී ය.

Related posts

ඉන්ධන මත පැනවු අධිභාරය ඉවතට

Mohamed Dilsad

කෝටියකට වැඩි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් කිලිනොච්චියේදී අත්අඩංගුවට

Mohamed Dilsad

වළවේ ගඟට පැන්න කතක් බේරා ගැනේ

Mohamed Dilsad

Leave a Comment