ප්‍රමුඛ පුවත 1

පැහැර ගත් ගම්පොළ දරුවාට ලක්ෂ 30ක කප්පමක් ඉල්ලයි

(උදයම්,ගම්පොළ) – අවුරුදු දෙකහමාරක කුඩා පිරිමි දරුවකු හා 23 හැවිරිදි තරුණයෙකු පෙරේදා (3) සවස ගම්‍පොළ බස් නැවතුම්‍පොළ අසල ගඟවට පාරේ වෙළෙඳසලට පැමිණෙමින් සිටියදී පැහැරගෙන තිබේ.

පැහැර ගත් පුද්ගලයින් දරුවාගේ පියාට දුරකථන ඇමතුමක් ලබාදී රුපියල් ලක්ෂ තිහක කප්පමක් ඉල්ලා ඇතැයි ගම්‍පොළ ‍පොලිසිය පවසන අතර මෙලෙස පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මොහොමඩ් සල්මාන් නමැති දරුවා හා අබ්දුල් රහීම් මොහොමඩ් නිසාම් නමැති තරුණයෙකි.

දුරකථනය මඟින් ඉල්ලූ ලක්ෂ 30ක මුදල ඊයේ (4) සවස් වෙද්දී ලක්ෂ 10 දක්වා අඩුකරගෙන ඇති අතර තම කුඩා පුතුට කිසිදු අනතුරක් සිදු නොකරන ලෙසත් යමක් කීමට ඇත්නම් ඉක්මනින් එය තමාට දන්වන ලෙසත් දරුවාගේ පියා ඉල්ලීමක් කරයි.

මීට සතියකට පෙර ඉහත ගම්පොළ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු පැහැරගෙන යාමේ උණසුම පහව යන්නටත් පෙර මෙම සිදුවීමත් ගම්‍පොළ ප්‍රදේශය යළිත් නොසන්සුන් වී තිබෙන බවට වාර්තා වේ.

Related posts

ස්විට්සර්ලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තර වෙයි

Mohamed Dilsad

බීඩි කොළ සහ දුම්කොළ ප්‍රවාහනය කළ පුද්ගලයන් 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

JVP ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන පළමු වනදා සිට [VIDEO]

Mohamed Dilsad

Leave a Comment