දේශීය

නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව

(UTV | කොළඹ) – නත්තල් දේව මෙහෙයන් සෞඛ්‍ය නිර්දේශ යටතේ සිදුකරන ලෙසට අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම මීසම් භාර පියතුමන් වෙත උපදෙස් ලබා දී ඇත.

අද පෙරවරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අගරදගුරු හිමිපාණන් මේ බව සඳහන් කළේය.

හුදෙකලා කර නොමැති ප්‍රදේශවල දේව මෙහෙයන් 50 කට නොඅඩු බැතිමතුන් පිරිසක් සමඟ කාණ්ඩ වශයෙන් සිදුකිරීමට අවසර ලබාදී ඇති බව උන්වහන්සේ අවධාරණය කළේය.

එමෙන්ම, නත්තල් දේව මෙහෙයන් විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විකාශය කිරීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අගරදගුරු හිමිපාණන් වැඩිදුරටත් එහිදී සඳහන් කර සිටියේය.

 

Related posts

වීසා නිකුත් කිරීම පැරණි ක්‍රමයට

Editor O

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරය තුළ ගොඩනැගී ඇති පිළිගැනීම තවදුරටත් වර්ධනය කර ගැනීමට සැමගේ සහාය අවශ්‍යයි – අගමැති

Editor O

මෙතෙක් සිදුකළ PCR පරීක්ෂණ සංඛ්‍යාව 70,000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment