විදෙස්

සඳේ පස් රැගත් චීන අභ්‍යවකාශ යානය පෘථිවියට ළඟා වෙයි

(UTV | චීනය) – චීනයට අයත් චැන්ග් ඊ 5 යානය සඳ මතුපිට පස් සහ පාෂාණ රැගෙන නැවතත් අද අලුයම පෘථිවියට ළගා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සඳ මතුපිටින් පස් රැගෙන එනු ලැබුවේ වසර 40 කට පමණ පසුව වීම මෙහි විශේෂත්වයක් වන අතර , සඳ මතුපිට ජලය ඇතිද යන්න ඇතුලු සාධක කිහිපයක් විමසා බැලීමට මෙම පාෂාණ කොටස් යොදා ගන්නා බව චීන විද්‍යාඥයන් කියා සිටී.

චීනය විසින් චැන්ග් ඊ 5 යානය සඳ වෙත යවනු ලැබුවේ නොවැම්බර් අවසාන සතියේදීයි.

 

Related posts

සුරතල් බල්ලෙකුට MonkeyPox

Mohamed Dilsad

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් ගණන අනු ලක්‍ෂය ඉක්මවයි

Mohamed Dilsad

ජර්මානු නාවික හමුදා ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

Leave a Comment