දේශීය

පළාත් කිහිපයකට අද වැසි

(UTV |කොළඹ) – දිවයින හරහා ඊසානදිග මෝසම් කාලගුණික ලක්ෂණ ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එසේම දිවයිනේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වැසි තත්වයේ වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැක.

උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ අංශය පවසයි.

මෙහිදී  ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සබරගමුව පළාතෙත් කළුතර, ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවියහැකි බව කාලගුණ විද්‍යාදෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සබරගමුව මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්වයක් ඇති වේ.

Related posts

කරුණාරත්න පරණවිතාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිව්‍රරුම් දෙයි.

Editor O

මද්‍රාසා ආයතන රජයේ අනුමත අධ්‍යාපන ක්‍රමවේදයකට අන්තර් ග්‍රහණය කෙරේ

Mohamed Dilsad

සීයට 1.2කින් බස් ගාස්තුව ඉහළ දැමීමට අවසර

Mohamed Dilsad

Leave a Comment