විදෙස්

කොරෝනා වලට ඇමෙරිකාවේ තවත් එන්නතකට අනුමැතිය

(UTV |ඇමෙරිකාව) –  මොඩර්නා කොවිඩ් 19 එන්නතට ඇමෙරිකානු ආහාර හා ඖෂධ පරිපාලනයේ විශේෂඥ උපදේශක මණ්ඩලයක් මගින් අනුමැතිය ලබා දෙයි.

විදෙස් වාර්තා පවසන්නේ ඉදිරි පැය 24 තුළදී ඒ සඳහා ඖෂධ පරිපාලනයේ අනුමැතිය ඊට හිමිවනු ඇති බවයි.

මේ අනුව වයස අවුරුදු 18 ඉක්ම වූ පුද්ගලයින්ට එන්නත් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත.

ෆයිසර් බයෝඑන්ටෙක් එන්නතට මීට සතියකට පෙර අනුමැතිය ලබාදුන්නේද මෙම කමිටුව විසිනි.

මේ වනවිට ඇමෙරිකානුවන් 317,928 ක් කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 17,626,770 කි.

Related posts

දිල්ලි සංචරණ සීමා නීතිය තවත් සතියකින් දීර්ඝ කරයි

Mohamed Dilsad

මැලේසියානු ගුවන් යානයක් හදිස්සියේ ගොඩබස්වයි

Mohamed Dilsad

ඕකී ඉන්දියාවට ඇතුළු වෙයි. තමිල්නාඩුවට දැඩි බලපෑම්

Mohamed Dilsad

Leave a Comment