දේශීය

මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අධියර ඇරඹේ

(UTV | පොතුහැර) – මධ්‍යම අධිවේගී මාර්ගයේ 03 වන කොටස වන පොතුහැර සිට ගලගෙදර දක්වා වූ කොටසෙහි ඉදිකිරීම් අද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

පොතුහැර සිට ගලගෙදර දක්වා කොටසේ සමස්ත දුර කිලෝමීටර් 31.7 කි.

මංතීරු 4කින් යුත් එම මාර්ග කොටසෙහි ඉදිකිරීම් මාස 48 කින් නිම කිරීමට අපේක්ෂිත බව මහාමාර්ග අමාත්‍යාංශය පැවසීය.

පොතුහැර, පොල්ගහවෙල, රඹුක්කන හා ගලගෙදර යන අන්තර් හුවමාරු 04 කින් මෙම අධිවේගී මාර්ග කොටස සමන්විත වෙයි.

 

Related posts

නව කොවිඩ් ආසාදිතයින් 252ක්

Mohamed Dilsad

අරමුදල් හිඟයකින් ඇමරිකාවේ අත්‍යාවශ්‍ය නොවන සේවා වසා දමයි

Editor O

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයි

Mohamed Dilsad

Leave a Comment