දේශීයප්‍රමුඛ පුවත 3

දෙමළ ජාතික සන්ධානයෙන් මානව හිමිකම් සමුළුවට යෝජනාවක්

(UTV | කොළඹ) – ජිනිවා මානව හිමිකම් සමුළුවට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාවක් ගෙන ඒමට නියමිත බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් පවසයි.

ඒ සඳහා දමිළ පක්ෂ අතර පොදු එකඟතාවයක් ඇති කර ගත යුතු බවට තීරණයක් ගෙන තිබේ.

මෙම තීරණය ගෙන ඇත්තේ එම පක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන්ගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ පැවති සාකච්ඡාවක් අවස්ථාවේදීය.

එහිදී නව ව්‍යවස්ථාව සඳහා දෙමළ ජාතික සන්ධානයේ යෝජනා ඉදිරිපත් කිරිමට ද  තිරණය කෙරුණි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් සහ එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ පෙරේදා හමු වී ඇති අතර එහිදී උතුරු නැගෙනහිර සංවර්ධනය කෙරෙහි අවධානය යොමුව තිබේ.

Related posts

මුදල් ඇමතිගේ ඉන්දීය ගමන හදිසියේම නවතී

Mohamed Dilsad

පාම් තෙල් ඇතුළු තෙල් වර්ග කිහිපයක ආනයන බදු ඉහළට

Mohamed Dilsad

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment