දේශීය

බස්රථ පරීක්ෂාවට සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් 400 ක්

(UTV | කොළඹ) – බස්රථ පරීක්ෂාව සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරින් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ මේ සඳහා අනුයුක්ත කර ඇත.

බස්රථවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සහ රියදුරන්ගේ හැසිරීම් පිළිබඳව සොයා බැලීමට මෙම පොලිස් නිලධාරීන් යොමුකර ඇති බව අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

 

Related posts

විශ්ව විද්‍යාල ආරම්භය පිළිබඳව අවසන් තීරණය අද

Mohamed Dilsad

පාසල් නිවාඩුව ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනුවත් කිරීමක්

Editor O

ඉන්දීය විදේශ ලේකම් අගමැති හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment