කලා

සෞම්‍ය ලියනගේ යළි සෞන්දර්ය විශ්වවිද්‍යාලයට

(UTV |කොළඹ) – සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන ලද සෞම්‍ය ලියනගේ යළි මහාචාර්ය තනතුරේ පිහිටුවා තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනිදා නාට්‍ය හා නර්තන පීඨයේ මහාචාර්යවරයාව සිටි සෞම්‍ය ලියනගේ මහාචාර්ය තනතුරින් ඉවත් කර ස්ථිර ආචාර්ය මණ්ඩලයෙන්ද ඉවත් කිරීමට හිටපු උපකුලපති මහාචාර්ය අබේරත්න බණ්ඩාර ඇතුළු පාලක සභාව පියවර ගත්තේය.

ඔහුට මහාචාර්ය ධුරය අහිමි කර තිබුණේ නියමිත දිනට පශ්චාත් උපාධි සුදුසුකම් සපුරා නොමැති බව සඳහන් කරමිනි. විශ්වවිද්‍යාලය එම පියවර ගත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කළ දැනුම් දීමකට අනුවයි.

මහාචාර්යවරයා ධුරයෙන් ඉවත් කිරීම පිළිබඳව වත්මන් උපකුලපති මහාචාර්ය රෝහණ පී. මහලියනාරච්චි පාලක සභාවට කරුණු ඉදිරිපත් කර තිබූ අතර ඉන්පසු ඒ පිළිබඳ සොයා බලා කරුණු ඉදිරිපත් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරුණි.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය නීති පීඨයේ මහාචාර්ය ප්‍රතිභා මහානාම, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය කේ. කේ. ඩී. එස්.රණවීර හා සබරගමුව විශ්වවිද්‍යාලයේ හිටපු ලේඛකාධිකාරී නීතිඥ එම්. එම්.විමලසිරි එම කමිටුවට අයත් වුහ.

කමිටු නිර්දේශය මත සෞම්‍ය ලියනගේට යළි මහාචාර්ය ධුරය ලබාදීමටත්, නාට්‍ය හා නර්තන පීඨයේ ආචාර්යවරයකු ලෙස සේවයේ පිහිටුවීමටත් පියවර ගත් බව උපකුලපතිවරයා සඳහන් කළේය.

තමන් ධුරයෙන් ඉවත් කිරීමට එරෙහිව මහාචාර්යවරයා අධිකරණයේ නඩුවක්ද ගොනු කර තිබුණි.

Related posts

‘ට්‍රාන්ස්ෆෝමර්ස්’ අලුත් චිත්‍රපටයක් ලබන වසරේ

Mohamed Dilsad

2017 ඔස්කා සම්මාන උළෙලේ හොඳම නිළිය සහ නළුවා

Mohamed Dilsad

කරීනා නැවතත් මව් පදවියට

Mohamed Dilsad

Leave a Comment