දේශීයප්‍රමුඛ පුවත 2

කෑගල්ලේ කොරෝනා ඖෂධයට ආයුර්වේද අනුමැතිය

(UTV |කොළඹ) – කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වෙයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් එම ඖෂධයට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි ප්‍රශ්න කළේය.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව තහවුරු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවයි.

එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Related posts

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

Mohamed Dilsad

සුවය ලැබූ නාවික හමුදා සෙබළුන් සංඛ්‍යාව තවත් ඉහළට

Mohamed Dilsad

රුසියා ජනාධිපතිගෙන් ලැබුණ ලියුම ගැන මෛත්‍රී කතා කරයි

Mohamed Dilsad

Leave a Comment