ව්‍යාපාරික

කැබලි කරන ලද වියළි පොල් ආනයනයට සුදානම්

(UTV |කොළඹ ) – කැබලි කරන ලද වියළි පොල් ආනයනය සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

මාස තුනක කාලයක් සඳහා කැබලි කරන ලද වියළි පොල් ආනයනයට අවසර හිමිවන අතර මසකට කැබිලි කරන ලද වියළි පොල් මෙට්‍රික් ටොන් 13,000ක් බැගින් ආනයනය කිරීමට අනුමැතිය හිමිව ඇත.

වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඒකාබද්ධ යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඉහළ යන පොල් මිල පිළිබඳ අවධානය යොමු කිරමින් පාරිභෝගිකයින් ආරක්ෂා කර ගැනීමට සාධාරණ මිලකට ජනතාවට පොල් ලබා දීමත් අරමුණු කර ගනිමින් සහ පොල් මිල ඉහළයාම මගින් අපහසුතාවට පත්ව සිටින දේශීය පොල් තෙල් කර්මාන්තකරුවන්, නිෂ්පාදකයින් ආරක්ෂා කර ගැනීම සඳහා මෙම තීරණය ගත් බව අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

Related posts

කුකුල් මස් සඳහා පාලන මිලක්

Mohamed Dilsad

පාන් ගෙඩියක් 190ට දෙයි

Mohamed Dilsad

ජර්මානු රජයෙන් යුරෝ මිලියන 11 ක තාක්ෂණික ආධාර

Mohamed Dilsad

Leave a Comment