දේශීය

73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී

(UTV |කොළඹ) – 2021 වසරේ පෙබරවාරි 4 වනදාට යෙදෙන 73 වන නිදහස් දින සැමරුම නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙවර “ඉසුරුමත් හෙට දිනක් සෞභාග්‍යමත් මව්බිමක්” තේමාව යටතේ කොරෝනා සෞඛ්‍ය මාර්ගෝපදේශනවලට අනුකූලව  නිදහස් දින සැමරුම පැවැත්වෙන බව රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැවසීය.

මෙම සැමරුම් පෙළපාලිය සඳහා යුද හමුදා නිලධාරීන් 4,325 ක්, නාවික හමුදා නිලධාරීන් 868 ක්, ගුවන් හමුදා නිලධාරීන් 945 ක්, පොලිස් නිලධාරීන් 1,382 ක් සහ සිවිල් ආාරක්ෂක බලකායේ නිලධාරීන් 515 ක් මෙන්ම ශිෂ්‍ය භටයින් 355 දෙනෙකු එක්වනු ඇත.

Related posts

මානව හිමිකම් කොමිසම විමර්ශනයට කන්දකාඩු යයි

Mohamed Dilsad

වායු දුෂණය යළි ඉහළ යයි

Mohamed Dilsad

රුසියාවේ සිටි ශ්‍රී ලාංකිකයන් 260ක් රැගත් ගුවන්යානයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment