දේශීය

බ්‍රිතාන්‍යයේ නව වෛරසය රටට ඇතුළුවීමේ අවධානමක්

(UTV |කොළඹ) – බ්‍රිතාන්‍යයේ සහ අප්‍රිකාවෙන් වාර්තාවී ඇති නව කොරෝනා වෛරස් ප්‍රභේදය මෙරටට ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි.

ඒ මැදපෙරදිග රටවල සිට පැමිණෙන පිරිස් හරහා බව ඔවුන් සඳහන් කරයි.

එම සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ ප්‍රකාශ කළේ අදාළ නව වෛරස් ප්‍රභේදය සිංගප්පූරුව, ඊශ්‍රායලය වැනි රටවලින්ද මේ වනවිට වාර්තාවීම තුළ එම නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට පැමිණීමේ දැඩි අවදානමක් මතුව ඇති බවයි.

මේ අතර කොරෝනා නව ප්‍රභේද පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා අවශ්‍ය ජාන අනුක්‍රමික විශ්ලේෂක යන්ත්‍ර සෞඛ්‍ය අමාත්‍යාංශ රසායනාගාර සතුව නොමැති බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් පවසයි.

කෙසේ වෙතත් මෙම නව ප්‍රභේද හඳුනාගැනීම සඳහා ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් පහසුකම් ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර පැවසීය.

එමෙන්ම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඞ් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා සඳහන් කළේ කොරෝනා මැඩලීම සඳහා නිපදවා ඇති එන්නත් මෙරටට කඩිනමින් ගෙන්වාගැනීම සඳහා කටයුතු කරන බවයි.

එමෙන්ම ඊට අවශ්‍ය අනෙකුත් පහසුකම් සකස් කිරීම සඳහා ද මේ වනවිටත් කටයුතු සූදානම් කර අවසන් බවද ඔහු පැවසීය.

Related posts

අලුත් අවුරුදු සමයේ රට පුරා විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක්

Mohamed Dilsad

රනිල් පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ජාතික රෝහලේ සැලසුම් කළ ශල්‍යකර්ම සියල්ල අවලංගුයි

Mohamed Dilsad

Leave a Comment