විදෙස්

නව කොරෝනා වෛරස් ආසාදිතයන් ලෝ පුරා රටවල් රැසකින් හමුවේ

(UTV | එක්සත් රාජධානිය) – වඩාත් සීග්‍රයෙන් පැතිරෙන නව කොරෝනා වෛරස් ප්‍රභේදය එක්සත් රාජධානියෙන් හඳුනාගත්ත ද මේ වනවිට යුරෝපීය රටවල් රැසකින් මෙන්ම කැනඩාවෙන් සහ ජපානයෙන්ද වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

මේ වන විට මෙම වෛරසය ලොව පුරා පැතිරෙමින් පවතින අතර බ්‍රිතාන්‍යයෙන් පැමිණි පුද්ගලයින් ආශ්‍රිතව ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය, ස්වීඩනය සහ ප්‍රංශයෙන් ද නව කොරෝනා වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයින් හමු වී තිබේ.

එමෙන්ම, සංචාරයේ නිරත නොවූ අවදානම් සම්බන්ධතා නොමැති කැනඩාවේ ඔන්ටාරියෝ හි යුවලකටද නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වී ඇති බව සඳහන්.

මීට අමතරව නව කොරෝනා වෛරස් ප්‍රභේදය වාර්තා වීමත් සමඟ තම රටේ පදිංචිකරුවන් නොවන විදේශිකයින්ට ජපානයට ඇතුළු වීම හෙට සිට මාසයක කාලයක් තහනම් කර ඇත.

 

 

Related posts

ට්‍රම්ප් පරාජය පිළිගනී – ජෝ බයිඩ්න් අමාත්‍ය මණ්ඩලය නම් කරයි

Mohamed Dilsad

උතුරු කොරියාව දෙසට හඬ නැගීම දකුණු කොරියාව නවත්වයි

Mohamed Dilsad

ඔබාමාගේ නීති වලට ට්‍රම්ප් එරෙහි වෙයි

Mohamed Dilsad

Leave a Comment