දේශීය

කොල්ලුපිටියේ ගොඩනැගිල්ලක් ජලයෙන් යටවී පුද්ගලයෙකු මරුට

(UTV |කොළඹ) – ඊයේ රාත්‍රියේ ඇති වූ අධික වර්ෂාවත් සමඟ කොල්ලුපිටිය ඩුප්ලිකේෂන් පාරේ ඉදිකරගෙන යනු ලබන නව ගොඩනැගිල්ලක බිම් මහල ජලයෙන් යටවීම හේතුවෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

එම ගොඩනැගිල්ලේ බිම් මහල සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත.

මෙහිදී මියගොස් ඇත්තේ එහි සේවය කරමින් සිටි පුද්ගලයෙකි.

මියගිය පුද්ගලයාගේ මළ සිරුර අද(30) උදෑසන සොයාගත් බව පොලිසිය පවසයි.

ජලයෙන් යට වූ බිම් මහලේ තවත් පුද්ගලයින් පස් දෙනෙකුද රැඳී සිට ඇති අතර, පසුව ඔවුන්ද බේරා ගෙන ඇත.

Related posts

සභානායක සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක වැඩ අරඹයි[PHOTOS]

Mohamed Dilsad

රත්තොටදී සමෘද්ධි නිලධාරියාට පහරදුන් පිරිස රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

‘ඉදිරි මාස 6ක කාලය ඉතා දුෂ්කරයි’ – ජනපති කියයි

Mohamed Dilsad

Leave a Comment