දේශීය

මහර බන්ධනාගාර ගැටුම අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

(UTV | කොළඹ) – මහර බන්ධනාගාරයේ ගැටුම ගැන සෙවූ පංච පුද්ගල කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසයි.   

එම යෝජනා හැකි ඉක්මණින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ සඳහන් කරයි.

මහර බන්ධනාගාරයේ පසුගිය නොවැම්බර් 29 වනදා ඇති වූ ගැටුම පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ අවසන් වාර්තාව කමිටුවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාට ඊයේ පස්වරුවේ භාරදෙනු ලැබීය.

 

Related posts

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ඩොලර් බිලියන 08ක සහනයක් – ජනාධිපති

Editor O

“ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය” වාර්තා චිත්‍රපටය

Mohamed Dilsad

Leave a Comment