විදෙස්

ඉන්දියාවේ එන්නත්කරණ පෙරහුරුව අද

(UTV | ඉන්දියාව) – කොරෝනා මර්දන එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධ මූලික පෙරහුරුවක් ඉන්දියාවේ සියලුම ප්‍රාන්තවල අද (02) සිදුකෙරෙනු ඇත.

ඒ ඔක්ස්ෆර්ඞ් එන්නතට එරට විශේෂඥ කමිටුවක් විසින් ඊයේ දිනයේදී මූලික අනුමැතිය දීමෙන් අනතුරුවයි.

මීට පෙර පසුගිය 28 – 29 දිනවලදී ඇසෑම් , අන්ද්‍රා ප්‍රදේශ් , පංජාබ් සහ ගුජරාට් ප්‍රාන්තවලදීද මෙවැනිම මූලික පෙරහුරු සිදුකරනු ලැබීය.

අද දිනයේදී ඉන්දියාව පුරා පුද්ගලයන් 96,000 ක් යොදා ගනිමින් මෙම එන්නත්කරණ අත්හදා බැලීම සිදුකෙරෙන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් මෙහිදී සැබෑ වශයෙන් එන්නත් කිරීමක් සිදු නොවන අතර සැබෑ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමෙන් පසු උද්ගතවිය හැකි ගැටලු සඳහා විසඳුම් සෙවීම පමණක් සිදුකෙරෙයි.

 

Related posts

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18 ලක්ෂය ඉක්මවයි

Mohamed Dilsad

සබ්බැරීනයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට

Editor O

ට්‍රම්ප් වෙනිසියුලාව සමඟ ආර්ථික සබඳතා නවතා දැමීමේ සූදානමක්..

Mohamed Dilsad

Leave a Comment