දේශීය

අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා ස්ථාවර මිලක්

(UTV |කොළඹ) – ඉදිරියේදී අත්‍යවශ්‍යම ආහාර වර්ග 10ක් ස්ථාවර මිලකට පාරිභෝගික ජනතාව වෙත ලබාදීමට පියවරගන්නා බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.

පෙබරවාරි මාසයේ සිට සතොස සමූපකාර සහ කිව් ෂොප් ජාලය හරහා මෙම ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදී බන්දුල ගුණවර්ධන අමාත්‍යාවරයා මේ බව පැවසීය.

ඒ අනුව හාල්, පිටි, සීනි, පරිප්පු, ටින්මාළු, හාල්මැස්සන්, ලූණු, ආර්තාපල්, බිත්තර හා කුකුල් මස් යන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 ස්ථාවර මිලක් යටතේ ලබාදීමට නියමිතය.

දේශීය නිෂ්පාදකයන්ගෙන් හා ඝෘජු ආනයනකරුවන්ගෙන් ඉහළ ගුණත්වයෙන් යුක්ත භාණ්ඩ අවම මිලකට ලබාගෙන ස්ථාවර මිලක් යටතේ පෙබරවාරි මාසයේ සිට ජුනි මස දක්වා මාස 06ක කාලය තුළ පාරිභෝගික ජනතාවට ලබාදීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.

 

Related posts

පොහොට්ටුව, පළාත් පාලන ඡන්දයට සූදානම් වෙයි

Editor O

හජ් උත්සවය සැමරීම අගෝස්තු 01 වනදා

Mohamed Dilsad

ජයවර්ධනපුර සරසවි සිසුවියකටත් කොරෝනා බව හෙළි වෙයි

Mohamed Dilsad

Leave a Comment