ක්‍රීඩා

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් අන්ටිජන් පරීක්‍ෂණයට

(UTV |හම්බන්තොට) –  මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ඇතුළු සාමාජිකයන් 44 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන පරීක්ෂණ සඳහා යොමු කෙරේ.

එම සියලු දෙනාගේ පරීක්ෂණ වාර්තා කොවිඩ් ආසාදිත නොවන බවට ලැබී ඇති බව වාර්තා වේ.

එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග ටෙස්ට් තරග දෙකකට සහභාගී වීමට නියමිතය.

පළමු තරගය ජනවාරි 14 වනදා සහ දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය ජනවාරි 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

එම තරග දෙකම පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීය.

Related posts

ලෝක කුසලාන කාන්තා රග්බි 2022 දී

Mohamed Dilsad

ඉම්රාන් තාහිර් එක්දින පිටියට සමු දෙයි

Mohamed Dilsad

ටෙස්ට් තරඟාවලියක් සඳහා බංග්ලාදේශ කණ්ඩායම අප්‍රේල් 12 දිවයිනට

Mohamed Dilsad

Leave a Comment