දේශීය

21වනදා සිට ගුවන් තොටුපළ නිල වශයෙන් විවෘතයි

(UTV |කොළඹ) – ලබන 21වනදා සිට නිල වශයෙන් ගුවන් තොටුපළ හා සංචාරකයින්ට රට විවෘත කිරීම සිදුකරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුවය.

මේ අනුව මාස 10කට පසුව කටුනායක හා මත්තල ගුවන්තොටුපොළ වාණිජ ගුවන් ගමන් සඳහා විවෘත කෙරේ.

පසුව ජනවාරි මස 23වන දින පමණ වනවිට වාණිජ ගුවන් ගමන් ක්‍රමානුකූලව යථාතත්වයට පත්වනු ඇති බව අමාත්‍යවරයා කියා සිටියි.

සංචාරකයින්ට රට විවෘත කිරිමේ වැඩපිළිවෙල පිළිබදව පැහැදිළි කිරීම සඳහා අද (05) පෙරවරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසු සංචාරකයින් ගෙන්වන ආයතන සෞඛ්‍ය  මාර්ගෝපදේශවලට අනුගතව කටයුතු කළ යුතු අතර ඒවා උල්ලංඝනය කරන ආයතන වලට සංචාරකයින් ගෙන්වීම සඳහා අවස්ථාව ලබානොදෙන බවද අමාත්‍යවරයා පැවසීය.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

මනූෂ නානායක්කාර CIDයට පැමිණෙයි

Mohamed Dilsad

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් කෙරේ

Mohamed Dilsad

Leave a Comment