දේශීය

ඉන්දීය විදේශ ඇමති අද ජනපති – අගමැති හමුවෙයි

(UTV| කොළඹ) – දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමුවීමට නියමිතයි.

එමෙන්ම, විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ද හමුවීමට නියමිතව ඇත.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ආරාධනයකට අනුව ඊයේ දිවයිනට පැමිණි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා හෙට දක්වා මෙරට රැඳී සිටිනු ඇති.

අංශ රැසක සහයෝගීතාවය වර්ධනය මෙන්ම ද්විපාර්ශවික සබඳතා තර කර ගැනීම සම්බන්ධයෙන් මෙම සාකච්ඡාවලදී අවධානය යොමු කෙරෙයි.

 

Related posts

බේකරි හිමියන්ගෙන් වැඩබලන පොලිස්පතිට ඉල්ලීමක්

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදන දින මෙන්න

Editor O

නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දීර්ඝ කෙරේ

Mohamed Dilsad

Leave a Comment